Posts

Showing posts from June, 2023

නුඹට 🖤

Image
  මිනිස්සු විදින්නේ නිතරම  අහිමි ප්‍රේමය පත්ලේ මිනිස්සු විදවන්නේ නිතරම  එක් හිතක ඇති ප්‍රේමයක් අස්සේ විදීමක් හා විදවීමක් කැටි වූ  තැනක ඇති වේද ප්‍රේමයක් ❤️‍🩹🥺 ගතින් දුර වුවත්  කීරී ගැහෙන හිත අස්සේ  මහ හයියෙන් තුරුළු කරන් ආදරේ කරන්න පුළුවන් ද " ඔව් පුළුවන් "  ආදරේ කියන්නේ ම ලබා  ගැනීමක් නොවන තැන. පුළුවන්නම් ඒ හිත අස්සට එබිලා බලන්න පහසක් හෝ බලාපොරොත්තුවක් හෝ නැතිව   රහසේ ම විදින විදවන ප්‍රේමය ❤️‍🩹🥺 අයිතිය ප්‍රේමය කර ගත් අය ද ප්‍රේමය අයිතිය කර ගත් අය ද අතරේ  මම නුඹට  අයිතියක් නැතිවම ප්‍රේම කරමි.🥺❤️‍🩹 ✍️ නිලංගා ජයවර්ධන