Posts

Showing posts from January, 2022

කොළඹ අහස

Image
දිනිසුරු නැගෙනවාත්  එක්කම  මහා කාලගෝට්ටියක්  කොළඹ අහස යට... හතර වටටම වාහන  දුවදුවා නැති කරයි  අරුණෝදයේ මනස්කාන්තය... එකෙක් කාපු දේ  නැති කර ගන්න දුවයි... තවකෙක් කන්ට  දෙයක් ගේන්න දුවයි... කලිසම අදිමින්  කමිසය මදිමින්  බඩගින්න රවට්ටන්නට  ගිල දමයි එහෙන් මෙහෙන් කඩචෝරුවක්... ඉරිමාවක් පැමිණෙන විගස අඩුම කුඩුම එකතු කරන් විදින්නට යයි  වෙනස් ලොවක  සිරි අසිරිය ... අත්බම්බුව දිහා බලන්  විරිත්තයි ඔල්මාදෙන් මෙන්  අගේ හැපුනොත් සිහියට එයි  අපිම කරපු වෙනසක අරුම...                       ✍️ නිලංගා ජයවර්ධන ✍️

ස්වප්නය

Image
   ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේ මා හිනැහෙන දෙස බලා........ කිසිත් නොකලා මෙන් පසෙකට වී බලා සිටී.........                    ✍️ නිලංගා ජයවර්ධන   ✍️

💙නුඹ 💙

Image
  සිනහවෙන් පිරුණු මුහුණ  දැක්කත් හැමදාම මොකක් දෝ  අමුතු අරුතක් දැණුනා  රැලි අතර හෙමිහිට ........... "ආපසු හැරී බැලුවම  හිතුනා පොඩ්ඩකට නවතින්න  බෑ යන්න ඕන තව දුරටම"  සිරවුණු හසරැල්  අතර  දුටුවා මා නමින්  ස්නේහය......... ඉදිමි නුඹ නමින් සසර  පුරාවටම  හමාර නොකරමි පාදපරිචාරිකව......                            ✍️ නිලංගා  ජයවර්ධන   ✍️

නිදයි සුව නින්ද

Image
හිසට සැප පුළුන් කොට්ට ද , ගතට මෘදු පොරෝනා ද , ඇතිව .......... සිහිය විකල්  කර ගෙන  මූලික අවශ්‍යතා නොව කෝටියක් ප්‍රශ්න හිසමත පුරවා ගෙන නින්දට යන්නට වෙර දරන  මිනිසුන් සිටින සමාජයක ........ මූලික අවශ්‍යතා කිසිවක්  නොමැතිව  ස්වභාවධර්මයගෙන් ලද අහස, පොළොව , අව්ව , වැස්ස , ආලෝකය , අන්ධකාරය , සතාසීපා තම ඇකයෙහි තදින් තුරුළු කර අනාගතය පසෙකලා වර්තමානයේ  ජීවත්වන උන්  අපූර්වට සුවෙන් නිදයි .............                       ජායාරූපය අන්තර්ජාලයෙන්                      ✍️ නිලංගා ජයවර්ධන   ✍️

රාවණා නුඹ නිදි ?

Image
  යටගිය දවස නුඹ රජ කළ  ලංකාදීපය  දැන් ආවොත් අදුරන්න  බැරි වෙයි....  එකල නුඹ  රට වැසියන්ට  සමෘද්ධිය ළගා කරලූ..... සෛරීත්වය වෙනුවෙන්   සටන් කළාලූ..... නුඹ ළග අමුතු අමුතු  බලවේග  තිබුණලූ ...... තමා නිෂ්පාදනය කළ  දඩු මොනරෙක් තිබුණලූ....... මං පොතකින් දැක්කේ ඒවා ඇත්තක්?  දැන් ඉන්න අය ගැනනම්  ඇහුවොත් නුඹ පුදුම වෙයි අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ  වමාර වමාර කනවා  නුඹ ඇතුළු , රජ දරුවෝ  නිම වූ මහා රූස්ස ගහ මා දෙයක් කියන්නම්......  ආයේ එන්න පුළුවන් ?  මෙහි අග රජු වී නුඹට  බොහෝ දනන් කැමති වෙයි  ඇත්තටම ........ පර ජාතිකයෝ පවා  රැකි මේ මාතෘ භූමිය , අපේකම දැන් ඉන්න ස්වජාතිකයන්  මුලින් උපුටා දමයි.... ගුණධර්ම පිරිහිලා  යෞවනයන් මං මුලා වෙලා  හෙළ බස නැති වෙලා  ඇත්තටම කිවුවොත්  ඔක්කොම  Faill වෙලා......                              ✍️ නිලංගා ජයවර්ධන ✍️

අම්මා

Image
නොයෙක් කම්කටොලු අමුණා ගෙත්තම කරන රංදම් වැලේ මුල් පුරුක නුඹය ....... මේ ලොව ඇති අපූර්ව  සෙනෙහස් හෝඩියේ  මුලකුරු නුඹය ...... නිමක් නොමැති දුක්  දරා විද  සිනහවෙන් කදුලු සගවන  ඉන්ද්‍රජාලය නුඹය ....... සනුහරේ තනන අපූර්ව  සිත්තරී නුඹය ...... වියතුන්  , උගතුන් ලෙස ඔප කරන පාඨශාලාවේ නිලනොලත් දිසාපාමොක් ඇදුරු නුඹය ........ ඉතින් අම්මේ  නුඹේ ගුණ ලියන්නට  අකුරු ඇද්ද මා දත් හෝඩියේ ........                        ✍️ නිලංගා ජයවර්ධන   ✍️

සිනහවෙන් වැසුණු කදුලු

Image
  රූරා වැටුණා දා බිදුවක්          නිකටෙන්  පොලොවට , රත්වෙලා සුදු වැල්ල        පිච්චෙනවා යටි පතුල් හොදටම, ඈතින් පේන කිරි වෙහෙර         බලන්න බෑ දිලිසෙනවා අහස, සිසිලසක් නෑ එච්චර         රත් වෙලා මුලු වෙහෙර මලුවම,  එන විට ම ඈතින් නඩයක්       "  අනේ අපෙනුත්  ගන්න මල් මිටක්" කියා, එකම හරබ පිටියක්          නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්, ඉදහිට එන කෙනෙක්          බැලුවත් ආල  බැල්මක් , බිම බලන් ඉන්නේ  මම         දැනෙනවා නොගැලපීමක් , විකුනන්න බැරි උනොත් මල් ටික         ණය වැඩි වෙනවා තව ටික  ටික, නැගෙන හිත් ගින්දර         නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම,  රට වටින් එන  එවුන්         උස්සන් පඩුරු, පූජාවන් , කළත් දේව පුජාවන්         නෑසෙන්නේ මන්ද දෙවියනි !,  උදේ, හවා, දෙවොල් බිම තුළ          නගන ආයාචනාවන්........……                    ✍️ නිලංගා ජයවර්ධන ✍️

වීදි දරුවෝ

Image
වැහැරී තිබුණු සිරුර මත අපිරිසිදු වී ගිය ඇදුම් වසර ගණනාවක්  එක ම තැන ඇවිදින ඔවුන්........ එක් අතෙක  කිලිටි ටිං බෙලෙකය අරන් ඔවුන් සිටි මහ මග  හැමදා සිනාසෙමින්....... දෙමාපියන් එදා වේල   සරි කරගන්ට  ගිය තැනමය නැතිය ඔවුන්ට තනිකමක් කිසිදිනෙක ........... ඔබ මොබ දුවන  මහ දනන්  රවයි ගොරවයි...... එහෙත් උන් සිනාසෙයි සමච්චලේට මෙන්.......... සොබාදහමට අවනතයි උන් අව්ව වැස්සෙන් නෑ බාධාවන්  බත් පිඩක් හෝ ලැබෙනු ඇත්නම් පිළිගනී මහා හරසරින්........ වීදි දිගේ පැදකුලු   කරන්නී දිවි ගැට ගසන්නට වෙර දරන්නී කෙසේ නම් වෙනස් වන්නී අපිත් උනුත් එක ම එක ලොවක උපන්නී ...                   ✍️ නිලංගා ජයවර්ධන   ✍️

කියයි ඇය

Image
අහස ගුගුරන්නේ වැස්සකටය  වැස්සට ප්‍රිය කරන්නෝ ද වෙති අප්‍රිය  කරන්නේ ද වෙති.......... අප ප්‍රිය වුවත් , අප්‍රිය වුවත් ,  සොබාදහමේ තීරණය අවසන් තීරණය වෙති  සොබාමව් අපට සලකන්නේ අප ,  සොබාමව්ට සලකන ලෙසටමය .......... සියල්ල  මහ සමුදුරට උපමා කලොත් නිසල දිය යට මහා බියකරු මෙන් , අලංකාරය බොහෝ දේ ඇත්තේය ......... කර්මයේ දිග පළල නොදන්න  ඇත්තවුන්ගේ  දෛවය තීන්දු වන්නේ  තම හස්ථයෙන්මය............ ✍️ නිලංගා ජයවර්ධන ✍️

එතෙර ගිය පොඩි දුවට - දයාසේන ගුණසිංහ කවියා

Image
"  අපේ රටේ දරුවන් ස්වීඩනයේ මව්පිය ලැබීමේ  වාසනාව උදා වී තිබේ " - පුවතපත් වාර්ථාවක්-  "රන්තැටියක කදුලු , නොවදිමි සිදුහත් " වැනි  කාව්‍ය කෘතින් පළ කරමින් ලේඛන දිවිය ආරම්භ කල, "කේතුමතී හෝටලයේ රාත්‍රියක් " වැනි කෙටි කතා ද මොහු විසින් රචනා කල මොහු නමින් දයාසේන ගුණසිංහ වේ. "එතෙර ගිය පොඩි දුවට" පද්‍ය පංතිය ද මොහු විසින් රචනා කරන ලද " නොවදිමි සිදුහත්" යන කාව්‍ය කෘතියෙන් උපුටා ගැනුණුකි. සමාජයේ පවතින් විවිධ බාධක හමුවේ  දියණියක හා මවක තුළ ඇති ස්නේහය බිද වැටෙන ආකාරය මෙහි වස්තු  විෂය ගෙන හැර දක්වා ඇත. මෙහිලා දැක්වෙනුයේ දරිද්‍රතාවය හේතුවෙන් තම දියණිය මහ මග දමා යන මවකගේ අනුවේදනීය කතා පුවතයි.මෙම අසම්මත ක්‍රියාවලිය කවියා දකිනුයේ මවගේ දරු සෙනෙහස අබිබවා ගිය සමාජ විෂමතාවයේ කෲරත්වය පිළිබඳ  සහෘදටය ඒත්තු ගන්වමිනි. දියණිය මහ මග දමා යාමට සිදු වූ මව ලෝකයට හඩ ගා කියන්නේ තමාගේ නිවැරදි බව නොව අසරණකමයි.    "වැහැරී ගිය උකුලේ නැත     සුව  යහනක් සැදුණේ   වියළී ගිය දෙතනේ නැත    කිරි බිදුවක් එරුණේ   කප පවතින් තුරු නොනිමෙන    සුසුමෙන් සමුගැනුණේ   හිරු ගිලිහෙන මොහොතක

මදාරා නම් මා

Image
එක් කලෙක සහයෝගෙන් අප  කුවේර පරදා ඔබ ජය ගත්කල වීණා වයමින් සිටින සද ඔබ හදෙහි ආලයෙන්  පිර වූ කත මා විය රුදුරු රුපුසෙන් දනන් බිදලූ  නොයෙක් බාධා මැදින් ජය ගොස හෙලූ මා හද ආලයෙන් ස්පර්ෂ කරලූ  රාවණා නුඹයි ලක් දෙරණ බැබලූ පර සතු නොවන මා  නුඹට හිමිය   සැමදා ආලයේ හැගුම් ලියදා රැදෙමි නුඹ ළග සැමදා මන්දෝදරීය  මා   රාවණා ...... නික්ලේශී ප්‍රේමයේ පැටලී මියැදෙන  නුඹට මා, දුන් ස්නේහය  නොවැටහුනේ මන්ද  රාවණා ...... තෙපුලින් පමණක් දන්නා සීතාව පැතුවේ නුඹ, මගේ ආලය  නුඹට මදි වුනිද  රාවණා ...... බිලිවෙද්දි රාමාට  නුඹ හද සෑය දැවුණා  නුඹ නමින් , වැළපුනේ මම ය  සීතාව නොව රාවණා......              ✍️ නිලංගා ජයවර්ධන ✍️

මතකය

Image
එගොඩ ,මෙගොඩ පාරුව                                      පදින  තොටියා අසරණ කලේ නෑ හැමදාම                                  යනෙන මගියා එගොඩ යන්න ඕන උනත් අපරාදෙ                        මන් බලන්හිටියා ඒ හැමදාම උබත්                                                    මගේ ලග හිටියා            නිකමට වගේ අදත් වැව් බැම්ම දිහා බැලුවා දෙදෙනෙක් ඉදන්  හොරෙන්  තොල්පෙති ඉරුවා හීං දඃ බෝවිටියා ගස් අදත් මං දෙස රවා බැලුවා මතකය උබ අදත් මගේ හිත  කෑලි වලට ඉරුවා පිට ඔපය විතරයි  හදවතේ සියල්ල හිස්  හැල්මේ දුවලා ආවම බලන්නේ ගෙදර බිත්තිය උස් හැපි හැපී දගලන  හදවතේ රැස්  අමතක වෙනවා දැක්කම  ඔය සිනිඳු ඇස්                  ✍️ නිලංගා ජයවර්ධන  ✍️                     

හිස් සහ හිස්

Image
  හිස්  සහ  හිස්  හරය නොදත් මනු පරපුරක්  මොල වැහැරුණු හිස් ගොඩක්  වේග රිද්ම සංගීත ප්‍රසංගයේ ....... අකුරකට අරුතක්  ගෙනෙන මොල පුරුද්දන  සාහිත්‍ය මගුලේ  එක ම හිස් තැනක්..........                      ✍️ නිලංගා ජයවර්ධන