Posts

නුඹට 🖤

Image
  මිනිස්සු විදින්නේ නිතරම  අහිමි ප්‍රේමය පත්ලේ මිනිස්සු විදවන්නේ නිතරම  එක් හිතක ඇති ප්‍රේමයක් අස්සේ විදීමක් හා විදවීමක් කැටි වූ  තැනක ඇති වේද ප්‍රේමයක් ❤️‍🩹🥺 ගතින් දුර වුවත්  කීරී ගැහෙන හිත අස්සේ  මහ හයියෙන් තුරුළු කරන් ආදරේ කරන්න පුළුවන් ද " ඔව් පුළුවන් "  ආදරේ කියන්නේ ම ලබා  ගැනීමක් නොවන තැන. පුළුවන්නම් ඒ හිත අස්සට එබිලා බලන්න පහසක් හෝ බලාපොරොත්තුවක් හෝ නැතිව   රහසේ ම විදින විදවන ප්‍රේමය ❤️‍🩹🥺 අයිතිය ප්‍රේමය කර ගත් අය ද ප්‍රේමය අයිතිය කර ගත් අය ද අතරේ  මම නුඹට  අයිතියක් නැතිවම ප්‍රේම කරමි.🥺❤️‍🩹 ✍️ නිලංගා ජයවර්ධන 

ආදරණීය අරගලය

Image
උපන් දා සිට  කිසිකලෙක දුටුවේ නැත එක් අරමුක් වෙනුවෙන් පොරබදින පාර , පක්ශ බේද නොසලකා පෙරට එන ........ අපගේ ම මව් බිම වෙනුවෙන්  මොර  හඩ නඟන මෙවන් ප්‍රෞඩ සනුහරයක් ........... මද්දුම බණ්ඩාර ,වීර පුරන් අප්පුලාගේ යැයි කියන උදාර ලේ ගලන ............. මෙවන් සිංහ පුතුන් කොහි සිටියා ද  හැත්තෑ හතර වසරක්.............. මගේ පිං බිම කෙලෙසනකල් කාරී නැත......කාරී නැත ...... ඇවිස්සුනු ඒ රුහිරු ධාතුව  පපු කෙනිත්තේ රඳා ගනින්.......... අපේ ලක් මෑණී පුරුදු ලෙස හිනැහෙනකල්         ✍️ නිලංගා ජයවර්ධන   ✍️

සවි මිතුරෝ

Image
  සවි මිතුරෝ සිහින සිත්තම් පාට නගන්නට                                    අරමුණට අකුරු පබඳින්නට   දෙමව්පිය සිහිනය යථාවත්වන්නට                            ලැබුණාය ප්‍රවේශය සරසවියට  කල පිනෙන් ලැබුණා යාලුවෝ රෑනක්                        යාලුවෝ නොවුන් සොයුරන් රෑනක්    නාඳුනන පෙදෙසක ජීවිකාව ගෙව්වත්                    උන් නිසා තනිය නොදැනුනා කවදාවත්   අත් බම්බුව ඉස්සරහ ගෙව්වත් කාලයක්                උන් උන්මය හැබැහින් දැක්කමත් හිටියත්   නේකවිද  සෝබන ඇත්තඋන්                      සරසවියේ මගේ උන් මට ඉස්තරම්                        ✍️ නිලංගා ජයවර්ධන   ✍️  

කොළඹ අහස

Image
දිනිසුරු නැගෙනවාත්  එක්කම  මහා කාලගෝට්ටියක්  කොළඹ අහස යට... හතර වටටම වාහන  දුවදුවා නැති කරයි  අරුණෝදයේ මනස්කාන්තය... එකෙක් කාපු දේ  නැති කර ගන්න දුවයි... තවකෙක් කන්ට  දෙයක් ගේන්න දුවයි... කලිසම අදිමින්  කමිසය මදිමින්  බඩගින්න රවට්ටන්නට  ගිල දමයි එහෙන් මෙහෙන් කඩචෝරුවක්... ඉරිමාවක් පැමිණෙන විගස අඩුම කුඩුම එකතු කරන් විදින්නට යයි  වෙනස් ලොවක  සිරි අසිරිය ... අත්බම්බුව දිහා බලන්  විරිත්තයි ඔල්මාදෙන් මෙන්  අගේ හැපුනොත් සිහියට එයි  අපිම කරපු වෙනසක අරුම...                       ✍️ නිලංගා ජයවර්ධන ✍️

ස්වප්නය

Image
   ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේ මා හිනැහෙන දෙස බලා........ කිසිත් නොකලා මෙන් පසෙකට වී බලා සිටී.........                    ✍️ නිලංගා ජයවර්ධන   ✍️

💙නුඹ 💙

Image
  සිනහවෙන් පිරුණු මුහුණ  දැක්කත් හැමදාම මොකක් දෝ  අමුතු අරුතක් දැණුනා  රැලි අතර හෙමිහිට ........... "ආපසු හැරී බැලුවම  හිතුනා පොඩ්ඩකට නවතින්න  බෑ යන්න ඕන තව දුරටම"  සිරවුණු හසරැල්  අතර  දුටුවා මා නමින්  ස්නේහය......... ඉදිමි නුඹ නමින් සසර  පුරාවටම  හමාර නොකරමි පාදපරිචාරිකව......                            ✍️ නිලංගා  ජයවර්ධන   ✍️

නිදයි සුව නින්ද

Image
හිසට සැප පුළුන් කොට්ට ද , ගතට මෘදු පොරෝනා ද , ඇතිව .......... සිහිය විකල්  කර ගෙන  මූලික අවශ්‍යතා නොව කෝටියක් ප්‍රශ්න හිසමත පුරවා ගෙන නින්දට යන්නට වෙර දරන  මිනිසුන් සිටින සමාජයක ........ මූලික අවශ්‍යතා කිසිවක්  නොමැතිව  ස්වභාවධර්මයගෙන් ලද අහස, පොළොව , අව්ව , වැස්ස , ආලෝකය , අන්ධකාරය , සතාසීපා තම ඇකයෙහි තදින් තුරුළු කර අනාගතය පසෙකලා වර්තමානයේ  ජීවත්වන උන්  අපූර්වට සුවෙන් නිදයි .............                       ජායාරූපය අන්තර්ජාලයෙන්                      ✍️ නිලංගා ජයවර්ධන   ✍️