නුඹට 🖤
මිනිස්සු විදින්නේ නිතරම
අහිමි ප්‍රේමය පත්ලේ
මිනිස්සු විදවන්නේ නිතරම
එක් හිතක ඇති ප්‍රේමයක් අස්සේ
විදීමක් හා විදවීමක් කැටි වූ
තැනක ඇති වේද ප්‍රේමයක් ❤️🩹🥺
ගතින් දුර වුවත්
කීරී ගැහෙන හිත අස්සේ
මහ හයියෙන් තුරුළු කරන්
ආදරේ කරන්න පුළුවන් ද
" ඔව් පුළුවන් "
ආදරේ කියන්නේ ම ලබා ගැනීමක් නොවන තැන.
පුළුවන්නම් ඒ හිත අස්සට එබිලා බලන්න
පහසක් හෝ බලාපොරොත්තුවක් හෝ නැතිව
රහසේ ම විදින විදවන ප්‍රේමය ❤️🩹🥺
අයිතිය ප්‍රේමය කර ගත් අය ද
ප්‍රේමය අයිතිය කර ගත් අය ද අතරේ
මම නුඹට
අයිතියක් නැතිවම ප්‍රේම කරමි.🥺❤️🩹
ලස්සනයි එය.
ReplyDeleteජයවේවා