සිනහවෙන් වැසුණු කදුලු

 


රූරා වැටුණා දා බිදුවක් 

        නිකටෙන්  පොලොවට ,

රත්වෙලා සුදු වැල්ල

       පිච්චෙනවා යටි පතුල් හොදටම,

ඈතින් පේන කිරි වෙහෙර 

       බලන්න බෑ දිලිසෙනවා අහස,

සිසිලසක් නෑ එච්චර 

       රත් වෙලා මුලු වෙහෙර මලුවම, 

එන විට ම ඈතින් නඩයක් 

     "  අනේ අපෙනුත්  ගන්න මල් මිටක්"

කියා, එකම හරබ පිටියක්

         නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්,

ඉදහිට එන කෙනෙක් 

        බැලුවත් ආල  බැල්මක් ,

බිම බලන් ඉන්නේ  මම

        දැනෙනවා නොගැලපීමක් ,

විකුනන්න බැරි උනොත් මල් ටික

        ණය වැඩි වෙනවා තව ටික  ටික,

නැගෙන හිත් ගින්දර 

       නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම, 

රට වටින් එන  එවුන්

        උස්සන් පඩුරු, පූජාවන් ,

කළත් දේව පුජාවන් 

       නෑසෙන්නේ මන්ද දෙවියනි !, 

උදේ, හවා, දෙවොල් බිම තුළ 

        නගන ආයාචනාවන්........……


                   ✍️ නිලංගා ජයවර්ධන ✍️









Comments

  1. ලස්සන පද ගොනු කිරීමක් ❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?