වීදි දරුවෝ

වැහැරී තිබුණු සිරුර මත

අපිරිසිදු වී ගිය ඇදුම්

වසර ගණනාවක් 

එක ම තැන ඇවිදින ඔවුන්........

එක් අතෙක  කිලිටි

ටිං බෙලෙකය අරන්

ඔවුන් සිටි මහ මග 

හැමදා සිනාසෙමින්.......


දෙමාපියන් එදා වේල  

සරි කරගන්ට  ගිය තැනමය

නැතිය ඔවුන්ට තනිකමක්

කිසිදිනෙක ...........

ඔබ මොබ දුවන 

මහ දනන් 

රවයි ගොරවයි......

එහෙත් උන් සිනාසෙයි

සමච්චලේට මෙන්..........




සොබාදහමට අවනතයි උන්

අව්ව වැස්සෙන් නෑ බාධාවන් 

බත් පිඩක් හෝ ලැබෙනු ඇත්නම්

පිළිගනී මහා හරසරින්........


වීදි දිගේ පැදකුලු   කරන්නී

දිවි ගැට ගසන්නට වෙර දරන්නී

කෙසේ නම් වෙනස් වන්නී

අපිත් උනුත් එක ම එක ලොවක උපන්නී ...

                  ✍️ නිලංගා ජයවර්ධන  ✍️













Comments

  1. ලස්සන පද ගොනුවක්

    ReplyDelete
  2. ලස්සනයි අක්කි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?