නිදයි සුව නින්ද

හිසට සැප පුළුන් කොට්ට ද ,

ගතට මෘදු පොරෝනා ද ,

ඇතිව ..........

සිහිය විකල්  කර ගෙන 

මූලික අවශ්‍යතා නොව

කෝටියක් ප්‍රශ්න හිසමත පුරවා ගෙන

නින්දට යන්නට වෙර දරන 

මිනිසුන් සිටින සමාජයක ........

මූලික අවශ්‍යතා කිසිවක් 

නොමැතිව 

ස්වභාවධර්මයගෙන් ලද

අහස, පොළොව , අව්ව , වැස්ස , ආලෝකය , අන්ධකාරය , සතාසීපා

තම ඇකයෙහි තදින් තුරුළු කර

අනාගතය පසෙකලා වර්තමානයේ 

ජීවත්වන උන් 

අපූර්වට සුවෙන් නිදයි .............

                     ජායාරූපය අන්තර්ජාලයෙන්


                     ✍️ නිලංගා ජයවර්ධන  ✍️






Comments

  1. ♥️♥️♥️♥️♥️♥️♥️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

සවි මිතුරෝ