කොළඹ අහස

දිනිසුරු නැගෙනවාත්  එක්කම 

මහා කාලගෝට්ටියක් 

කොළඹ අහස යට...


හතර වටටම වාහන 

දුවදුවා නැති කරයි 

අරුණෝදයේ මනස්කාන්තය...


එකෙක් කාපු දේ 

නැති කර ගන්න දුවයි...

තවකෙක් කන්ට 

දෙයක් ගේන්න දුවයි...


කලිසම අදිමින් 

කමිසය මදිමින් 

බඩගින්න රවට්ටන්නට 

ගිල දමයි එහෙන් මෙහෙන්

කඩචෝරුවක්...


ඉරිමාවක් පැමිණෙන විගස

අඩුම කුඩුම එකතු කරන්

විදින්නට යයි 

වෙනස් ලොවක  සිරි අසිරිය ...


අත්බම්බුව දිහා බලන් 

විරිත්තයි ඔල්මාදෙන් මෙන් 

අගේ හැපුනොත් සිහියට එයි 

අපිම කරපු වෙනසක අරුම...




                      ✍️ නිලංගා ජයවර්ධන ✍️

Comments

  1. මුලු කොළඹම මෙතන ❤️ ලස්සනයි අක්කා

    ReplyDelete
  2. හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
    එසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!

    අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

සවි මිතුරෝ