ජන්මය

 ජන්මය 

◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️◽️

මව් කුසේ කලලය 

වී ◽️◽️◽

පියාණන්ගේ නමට

දාව ◽️◽️◽️

අතලොස්සකට හිමි

වන ◽️◽️◽️

වරයක් මට  ද 

ලැබුණි ◽️◽️◽️

එය නමින්

ජන්මයයි ◽️◽️◽️



කවදාවත් නොදැකපු 

රූපයක් හිතේ මවා ◽️◽️◽️

දින  සති   මාස 

ගෙවෙන තුරු◽️◽️◽️

පාරමිතා පුරන 

උතුම් පාරමිතාවිය නුඹය ◽️◽️◽️


මෙලොව එළිය 

දකින්නටත් පෙර

අනාගතය  ශක්තිමත් 

කරන්නට ◽️◽️◽

වෙර වීරිය දරණ 

මහා යුග පුරුෂයා නුඹය ◽️◽️◽️ 


රුධිරය කිරට හැරුනේ මා 

නමිනි ◽️◽️◽️

දහඩිය බිදු මිණි මුතු වූයේ ද මා 

නමිනි ◽️◽️◽️

නොනිමෙන 

උත්තුංග දාරක ස්නේහයේ  ◽️◽️◽️

මුදුන් මල්කඩ වන්නේ ද 

ඔබ දෙපලය ◽️◽️◽️

                           

                                     ◽️✍️◽️






Comments

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?