අම්මා


නොයෙක් කම්කටොලු අමුණා

ගෙත්තම කරන රංදම් වැලේ

මුල් පුරුක නුඹය .......

මේ ලොව ඇති අපූර්ව 

සෙනෙහස් හෝඩියේ 

මුලකුරු නුඹය ......

නිමක් නොමැති දුක්  දරා විද 

සිනහවෙන් කදුලු සගවන 

ඉන්ද්‍රජාලය නුඹය .......

සනුහරේ තනන අපූර්ව 

සිත්තරී නුඹය ......

වියතුන්  , උගතුන් ලෙස ඔප කරන

පාඨශාලාවේ නිලනොලත්

දිසාපාමොක් ඇදුරු නුඹය ........

ඉතින් අම්මේ 

නුඹේ ගුණ ලියන්නට 

අකුරු ඇද්ද මා දත් හෝඩියේ ........

      

                ✍️ නිලංගා ජයවර්ධන  ✍️





Comments

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?