රාවණා නුඹ නිදි ?

 


යටගිය දවස නුඹ රජ කළ 

ලංකාදීපය 

දැන් ආවොත් අදුරන්න 

බැරි වෙයි....

 එකල නුඹ 

රට වැසියන්ට 

සමෘද්ධිය ළගා කරලූ.....

සෛරීත්වය වෙනුවෙන්  

සටන් කළාලූ.....

නුඹ ළග අමුතු අමුතු

 බලවේග  තිබුණලූ ......

තමා නිෂ්පාදනය කළ 

දඩු මොනරෙක් තිබුණලූ.......

මං පොතකින් දැක්කේ

ඒවා ඇත්තක්? 

දැන් ඉන්න අය ගැනනම් 

ඇහුවොත් නුඹ පුදුම වෙයි

අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ 

වමාර වමාර කනවා 

නුඹ ඇතුළු , රජ දරුවෝ  නිම වූ

මහා රූස්ස ගහ

මා දෙයක් කියන්නම්...... 

ආයේ එන්න පුළුවන් ? 

මෙහි අග රජු වී නුඹට 

බොහෝ දනන් කැමති වෙයි 

ඇත්තටම ........

පර ජාතිකයෝ පවා 

රැකි මේ මාතෘ භූමිය , අපේකම

දැන් ඉන්න ස්වජාතිකයන් 

මුලින් උපුටා දමයි....

ගුණධර්ම පිරිහිලා 

යෞවනයන් මං මුලා වෙලා 

හෙළ බස නැති වෙලා 

ඇත්තටම කිවුවොත් 

ඔක්කොම  Faill වෙලා...... 

        

                   ✍️ නිලංගා ජයවර්ධන ✍️










Comments

  1. හ්ම් ඔක්කොම Fail තමා..
    අපූරුයි

    ReplyDelete
  2. අපූරුයි.ලස්සන ගලා යන වචන 💓

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය