මතකය

එගොඩ ,මෙගොඩ පාරුව                                      පදින  තොටියා

අසරණ කලේ නෑ හැමදාම                                  යනෙන මගියා

එගොඩ යන්න ඕන උනත් අපරාදෙ                        මන් බලන්හිටියා

ඒ හැමදාම උබත්                                                   

මගේ ලග හිටියා

          

නිකමට වගේ අදත්

වැව් බැම්ම දිහා බැලුවා

දෙදෙනෙක් ඉදන් 

හොරෙන්  තොල්පෙති ඉරුවා

හීං දඃ බෝවිටියා ගස්

අදත් මං දෙස රවා බැලුවා

මතකය උබ අදත් මගේ හිත 

කෑලි වලට ඉරුවා


පිට ඔපය විතරයි 

හදවතේ සියල්ල හිස් 

හැල්මේ දුවලා ආවම බලන්නේ

ගෙදර බිත්තිය උස්

හැපි හැපී දගලන 

හදවතේ රැස් 

අමතක වෙනවා දැක්කම 

ඔය සිනිඳු ඇස්


                 ✍️ නිලංගා ජයවර්ධන  ✍️










                    

Comments

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?