මදාරා නම් මා


එක් කලෙක සහයෝගෙන් අප 

කුවේර පරදා ඔබ ජය ගත්කල

වීණා වයමින් සිටින සද

ඔබ හදෙහි ආලයෙන්  පිර වූ කත මා විය


රුදුරු රුපුසෙන් දනන් බිදලූ 

නොයෙක් බාධා මැදින් ජය ගොස හෙලූ

මා හද ආලයෙන් ස්පර්ෂ කරලූ 

රාවණා නුඹයි ලක් දෙරණ බැබලූ


පර සතු නොවන මා 

නුඹට හිමිය   සැමදා

ආලයේ හැගුම් ලියදා

රැදෙමි නුඹ ළග සැමදා


මන්දෝදරීය 

මා  

රාවණා ......


නික්ලේශී ප්‍රේමයේ

පැටලී මියැදෙන 

නුඹට මා,

දුන් ස්නේහය 

නොවැටහුනේ මන්ද 

රාවණා ......


තෙපුලින් පමණක්

දන්නා

සීතාව පැතුවේ නුඹ,

මගේ ආලය 

නුඹට මදි වුනිද 

රාවණා ......



බිලිවෙද්දි රාමාට 

නුඹ

හද සෑය දැවුණා 

නුඹ නමින් ,

වැළපුනේ මම ය 

සීතාව නොව

රාවණා......

             ✍️ නිලංගා ජයවර්ධන ✍️

Comments

  1. ලස්සනයි.. විරහවෙන් තැවුණ ප්‍රේමයක් ❤️

    ReplyDelete
  2. ලස්සනයි අක්කේ❤️‍🔥

    ReplyDelete

Post a Comment