එතෙර ගිය පොඩි දුවට - දයාසේන ගුණසිංහ කවියා

" අපේ රටේ දරුවන් ස්වීඩනයේ මව්පිය ලැබීමේ වාසනාව උදා වී තිබේ "

- පුවතපත් වාර්ථාවක්- 


"රන්තැටියක කදුලු , නොවදිමි සිදුහත් " වැනි  කාව්‍ය කෘතින් පළ කරමින් ලේඛන දිවිය ආරම්භ කල, "කේතුමතී හෝටලයේ රාත්‍රියක් " වැනි කෙටි කතා ද මොහු විසින් රචනා කල මොහු නමින් දයාසේන ගුණසිංහ වේ. "එතෙර ගිය පොඩි දුවට" පද්‍ය පංතිය ද මොහු විසින් රචනා කරන ලද " නොවදිමි සිදුහත්" යන කාව්‍ය කෘතියෙන් උපුටා ගැනුණුකි.

සමාජයේ පවතින් විවිධ බාධක හමුවේ  දියණියක හා මවක තුළ ඇති ස්නේහය බිද වැටෙන ආකාරය මෙහි වස්තු  විෂය ගෙන හැර දක්වා ඇත. මෙහිලා දැක්වෙනුයේ දරිද්‍රතාවය හේතුවෙන් තම දියණිය මහ මග දමා යන මවකගේ අනුවේදනීය කතා පුවතයි.මෙම අසම්මත ක්‍රියාවලිය කවියා දකිනුයේ මවගේ දරු සෙනෙහස අබිබවා ගිය සමාජ විෂමතාවයේ කෲරත්වය පිළිබඳ  සහෘදටය ඒත්තු ගන්වමිනි.

දියණිය මහ මග දමා යාමට සිදු වූ මව ලෝකයට හඩ ගා කියන්නේ තමාගේ නිවැරදි බව නොව අසරණකමයි. 

 "වැහැරී ගිය උකුලේ නැත 

   සුව  යහනක් සැදුණේ

  වියළී ගිය දෙතනේ නැත 

  කිරි බිදුවක් එරුණේ

  කප පවතින් තුරු නොනිමෙන 

  සුසුමෙන් සමුගැනුණේ

  හිරු ගිලිහෙන මොහොතක නුඹ 

  මග අයිනක රැදුණේ "


මේ ආකාරයට නිසි පෝෂණයක් නොමැති මවකට දරුවෙකු පෝෂණය කිරීම ඉතාමත් අසීරු  කාර්යයකී. මව නීරෝගිමත් ව නොසිට තම දියණිය  කෙසේ නම්  පෝෂණය කරන්න?. දරුවකු හදා වඩා ගැනීම යනු ජන්මය ලබා දීම පමණක් නොව. එමෙන්ම් තවත් ජීවියෙකු පෝෂණය කිරීමට මවක් ඉතාමත් නීරෝගිමත් ව මෙන්ම පෝෂණයෙන් යුක්ත විය යුතුය. මෙහි සදහන් "වැහැරී ගිය උකුලේ නැත  සුව  යහනක් සැදුණේ" 

යන පාඨය තුළින් මෙකී අරුත ගම්‍ය වේ. එමෙන්ම දරුවාට අවශ්‍ය කිරි බිදුවක් ලබා දීමට මේ මවට නොහැකි වන්නේ ඇගේ වරදක් නිසා නොව. මේ ආකාරයට විමසන විට මේ මව  එපා වී හෝ නැතිනම් උවමනාවක් නොමැති නිසා  හෝ ආහාර ගැනීම නොකරනවා නොව දරිද්‍රතාවය පීඩිත වූ මේ මෑණියනට  මූලික මානුෂීය කටයුතු ද කිරීමට නොහැකී තත්වයක් ඇති බැවු කවියා ව්‍යංග්‍යර්ථයෙන් ප්‍රකාශ කරයි.


" උපන් බිමට නුඹ වැඩිවා මිසක               දුවේ

  වැදූ මවට නුඹ වැඩියක් වීද                     දුවේ

  දුක උහුලා ඉන්නට මට හැකිය               දුවේ

  නැවු නැගලා දුරු රටකට යන්න             දුවේ "

ජායාරූපය 
              උපුටා ගැනීම අන්‍තර්ජාලයෙන්

තව ද කවියා මේ අසම්මත ක්‍රියාවලිය දැක්වීමට කවි ආකෘතිය වෙනස් කර ඇත. දිගෝවිලි විරිත මෙනම ජන කවි ආකෘතිය ද එකට කැටි කොට ගෙන හැර දක්වා ඇත. මවක් තුළ හට ගන්නා දරු සෙනෙහස බිද දැමූ කෲර  සමාජ විෂමතාවය නිසා එම මවට දැනුණ වේදනාව කොතෙක් වන්නට ඇත්ත?. මෙවන් වේදනා උසුලන මව්වරුන්  අද සමාජයේ ද නැතුවා ම නොවේ.

මේ ආකාටයට මේ මව පවසනුයේ උපන් බිමට නුඹ බර වැඩි බවත් , වැදූ මවට නම් නුඹ වැඩි නැති බවක් මෙහය දක්වයි.පිට ඕපයට නොව මෙකී සිද්ධියක්  මනා දෘෂ්ටියකින් දැකීමට මෙම කවි පෙල සහෘදයා පොළොඹවයි.   

මේ මවගේ දුක් වේදනාව තුළින්න් සමාජ හාස්‍ය ලෙස ගෙන හැර දක්වයි. මේ මව කොතරම් ශක්තිමත් ගැහැණියක් ද කිවහොත් තම දරුවා තමාගෙන් වෙන්ව සතුටින්  සිටින අයුරු දකින්නේනේ බෝධී සත්වයෙක් ලෙසිනි. 

" පෙර කළ පින් මහිමෙන්

  මේ දෙස උපදින්නේ 

  ඉපදෙනු මිස රැදෙනා  පින 

  ඇයි නුඹ සතු නොවුණේ

  දරුවන් ඇස කදුළින් ළය 

 උණු වන මිනිසුන්නේ

 සරණින් ලොව කොතැනක වුව

 සැනහෙන් දියණියනේ "

 කවියා දක්වනුයේ පෙර කළ පින් මහිමෙන් මේ රටේ උපත ලැබුව ද ඉපදීම පමණයි ජීවත් වීමේ අයිතිය උදුරා ගෙන ඇති බව පසක් කරනුයේ හාස්‍ය හා උපහාසය ජනිත කරමින්ය.එමෙනම මනුස්සකම හදුනන මිනිසුන්  හිටින තැනක නුඹ  ජීවිතය ජය ගන්න ලැබේවයි ! මේ මව ප්‍රාර්ථනා කරන්නේ සහෘද හද සසල කරමිනි.

මේ ආකාරයට දයාසේන ගුණසිංහ නම් ප්‍රතිභාපූර්ණ කවියාගේ මෙම නිර්මාණය තුළින් සමාජ සත්තාව මනා ලෙස ගෙන හැර දක්වන අතරම අප ජීවත් වන සමාජයේ යථාර්තය මනා ලෙස විශද කරයි.


පද්‍ය - එතෙර ගියා පොඩි දුවට 

           දයාසේන ගුණසිංහ 

සටහන -  ✍️ නිලංගා ජයවර්ධන ✍️



 

Comments

Post a Comment

Popular posts from this blog

නුඹට 🖤

සංසාරික ප්‍රේමය

රාවණා නුඹ නිදි ?