Posts

කොළඹ අහස

Image
දිනිසුරු නැගෙනවාත්  එක්කම  මහා කාලගෝට්ටියක්  කොළඹ අහස යට... හතර වටටම වාහන  දුවදුවා නැති කරයි  අරුණෝදයේ මනස්කාන්තය... එකෙක් කාපු දේ  නැති කර ගන්න දුවයි... තවකෙක් කන්ට  දෙයක් ගේන්න දුවයි... කලිසම අදිමින්  කමිසය මදිමින්  බඩගින්න රවට්ටන්නට  ගිල දමයි එහෙන් මෙහෙන් කඩචෝරුවක්... ඉරිමාවක් පැමිණෙන විගස අඩුම කුඩුම එකතු කරන් විදින්නට යයි  වෙනස් ලොවක  සිරි අසිරිය ... අත්බම්බුව දිහා බලන්  විරිත්තයි ඔල්මාදෙන් මෙන්  අගේ හැපුනොත් සිහියට එයි  අපිම කරපු වෙනසක අරුම...                       ✍️ නිලංගා ජයවර්ධන ✍️

ස්වප්නය

Image
   ඔහුන් ගෙත්තම් කල ස්වප්නයේ මා හිනැහෙන දෙස බලා........ කිසිත් නොකලා මෙන් පසෙකට වී බලා සිටී.........                    ✍️ නිලංගා ජයවර්ධන   ✍️

💙නුඹ 💙

Image
  සිනහවෙන් පිරුණු මුහුණ  දැක්කත් හැමදාම මොකක් දෝ  අමුතු අරුතක් දැණුනා  රැලි අතර හෙමිහිට ........... "ආපසු හැරී බැලුවම  හිතුනා පොඩ්ඩකට නවතින්න  බෑ යන්න ඕන තව දුරටම"  සිරවුණු හසරැල්  අතර  දුටුවා මා නමින්  ස්නේහය......... ඉදිමි නුඹ නමින් සසර  පුරාවටම  හමාර නොකරමි පාදපරිචාරිකව......                            ✍️ නිලංගා  ජයවර්ධන   ✍️

නිදයි සුව නින්ද

Image
හිසට සැප පුළුන් කොට්ට ද , ගතට මෘදු පොරෝනා ද , ඇතිව .......... සිහිය විකල්  කර ගෙන  මූලික අවශ්‍යතා නොව කෝටියක් ප්‍රශ්න හිසමත පුරවා ගෙන නින්දට යන්නට වෙර දරන  මිනිසුන් සිටින සමාජයක ........ මූලික අවශ්‍යතා කිසිවක්  නොමැතිව  ස්වභාවධර්මයගෙන් ලද අහස, පොළොව , අව්ව , වැස්ස , ආලෝකය , අන්ධකාරය , සතාසීපා තම ඇකයෙහි තදින් තුරුළු කර අනාගතය පසෙකලා වර්තමානයේ  ජීවත්වන උන්  අපූර්වට සුවෙන් නිදයි .............                       ජායාරූපය අන්තර්ජාලයෙන්                      ✍️ නිලංගා ජයවර්ධන   ✍️

රාවණා නුඹ නිදි ?

Image
  යටගිය දවස නුඹ රජ කළ  ලංකාදීපය  දැන් ආවොත් අදුරන්න  බැරි වෙයි....  එකල නුඹ  රට වැසියන්ට  සමෘද්ධිය ළගා කරලූ..... සෛරීත්වය වෙනුවෙන්   සටන් කළාලූ..... නුඹ ළග අමුතු අමුතු  බලවේග  තිබුණලූ ...... තමා නිෂ්පාදනය කළ  දඩු මොනරෙක් තිබුණලූ....... මං පොතකින් දැක්කේ ඒවා ඇත්තක්?  දැන් ඉන්න අය ගැනනම්  ඇහුවොත් නුඹ පුදුම වෙයි අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ  වමාර වමාර කනවා  නුඹ ඇතුළු , රජ දරුවෝ  නිම වූ මහා රූස්ස ගහ මා දෙයක් කියන්නම්......  ආයේ එන්න පුළුවන් ?  මෙහි අග රජු වී නුඹට  බොහෝ දනන් කැමති වෙයි  ඇත්තටම ........ පර ජාතිකයෝ පවා  රැකි මේ මාතෘ භූමිය , අපේකම දැන් ඉන්න ස්වජාතිකයන්  මුලින් උපුටා දමයි.... ගුණධර්ම පිරිහිලා  යෞවනයන් මං මුලා වෙලා  හෙළ බස නැති වෙලා  ඇත්තටම කිවුවොත්  ඔක්කොම  Faill වෙලා......                              ✍️ නිලංගා ජයවර්ධන ✍️

අම්මා

Image
නොයෙක් කම්කටොලු අමුණා ගෙත්තම කරන රංදම් වැලේ මුල් පුරුක නුඹය ....... මේ ලොව ඇති අපූර්ව  සෙනෙහස් හෝඩියේ  මුලකුරු නුඹය ...... නිමක් නොමැති දුක්  දරා විද  සිනහවෙන් කදුලු සගවන  ඉන්ද්‍රජාලය නුඹය ....... සනුහරේ තනන අපූර්ව  සිත්තරී නුඹය ...... වියතුන්  , උගතුන් ලෙස ඔප කරන පාඨශාලාවේ නිලනොලත් දිසාපාමොක් ඇදුරු නුඹය ........ ඉතින් අම්මේ  නුඹේ ගුණ ලියන්නට  අකුරු ඇද්ද මා දත් හෝඩියේ ........                        ✍️ නිලංගා ජයවර්ධන   ✍️

සිනහවෙන් වැසුණු කදුලු

Image
  රූරා වැටුණා දා බිදුවක්          නිකටෙන්  පොලොවට , රත්වෙලා සුදු වැල්ල        පිච්චෙනවා යටි පතුල් හොදටම, ඈතින් පේන කිරි වෙහෙර         බලන්න බෑ දිලිසෙනවා අහස, සිසිලසක් නෑ එච්චර         රත් වෙලා මුලු වෙහෙර මලුවම,  එන විට ම ඈතින් නඩයක්       "  අනේ අපෙනුත්  ගන්න මල් මිටක්" කියා, එකම හරබ පිටියක්          නොහොතුනා නෙමෙයි මටත් ලැජ්ජාවක්, ඉදහිට එන කෙනෙක්          බැලුවත් ආල  බැල්මක් , බිම බලන් ඉන්නේ  මම         දැනෙනවා නොගැලපීමක් , විකුනන්න බැරි උනොත් මල් ටික         ණය වැඩි වෙනවා තව ටික  ටික, නැගෙන හිත් ගින්දර         නිවෙනවා කිරිවෙහෙර බලන් හිටියම,  රට වටින් එන  එවුන්         උස්සන් පඩුරු, පූජාවන් , කළත් දේව පුජාවන්         නෑසෙන්නේ මන්ද දෙවියනි !,  උදේ, හවා, දෙවොල් බි...